ව්‍යාපාරික කළමනාකරණ පදනම් සහතිකය

යෝග්‍යතා පරීක්‍ෂණ අයැදුම්පත

බඳවාගැනීම්:
ජනවාරි / ජූනි
කාලසීමාව:
වර්ෂ 1

එඩෙක්සෙල් UK හා එක්ව සලීට් කම්පියුටින් විසින් ඉදිරිපත්කරන ව්‍යාපාර කළමනාකරණ පදනම් සහතික (FCBM) පාඨමාලාව විශ්ව විද්‍යාල සඳහා උපාධි අධ්‍යයන මුලික සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ සිසුන් සඳහා සුවිශේෂී, පෙර විශ්ව විද්‍යාල ගමන් මාර්ගයට සැකසුනු පාඨමාලාවකි. මෙම වැඩසටහන සාර්ථක ලෙස අවසන් කිරීමෙන් ස්ලීට් ආයතනයේ ව්‍යාපාරික කළමණාකරණ ඩිප්ලෝමා වැඩසටහනට අවනත වීමටත්, ස්ලීට් කම්පියුටින් විසින් බලයලත් විදේශ සහකාර විශ්ව විද්‍යාලය සමඟ කෙරෙන වැඩසටහන් සමඟ ඉදිරි ගමනටත් තුඩුදේ.

පාඨමාලා අන්තර්ගතය

පළමු වාරය

  • ඉංග්‍රිසි සන්නිවේදනය I
  • අධ්‍යෘපනික ලිවීම I
  • ගණිතය I
  • ව්‍යාපාර කළමනාකරණයට හැදින්වීම

දෙවෙනි වාරය

  • ඉංගී්‍්‍රසි සන්නිවේදනය II
  • ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව
  • ගණිතය II

තුන්වෙනි වාරය

  • ව්‍යාපාර දත්ත පද්ධතීන්
  • අලෙවිකරණ ප්‍රතිපත්ති
  • ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව
  • ආයතනික හැසිරීම

කාලසීමාව හා පාඨමාලා ව්‍යූහය

මෙය සතියේ දිනවල ඉදිරිපත් කෙරෙන, එක් වසරක පූර්ණ කාලීන වැඩසටහනකි. මෙම වැඩසටහන සාර්ථකව නිමකරන සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා මඟ පාදාදීමට අවශ්‍ය ව්‍යාපාර කළමනාකරණ පදනම් සහතිකය (Foundation Certificate in Business Management) ලැබෙනු ඇත.

පිවිසුම් අවශ්‍යතා

  • සාමාන්‍ය පෙළ (ශ්‍රී ලංකා) විභාගයේ ගණිතය හා ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයන් ඇතුළු, අවම වශයෙන් විෂයයන් හයකින් (06) එකවර සමර්ථ වීම හෝ
  • සාමාන්‍ය පෙළ (බ්‍රිතාන්‍ය) විභාගයේ ගණිතය-ආශ්‍රිත විෂයකට හා ඉංග්‍රීසි වලට සම්මාන සාමාර්ථයන් ඇතුළු, අවම වශයෙන් විෂයයන් හයකින් (06) එකවර සමර්ථ වීම හා
  • ස්ලීට් ආයතනය විසින් පවත්වනු ලබන යෝග්‍යතා පරීක්‍ෂණයේදී හා අනිවාර්ය ස්ථාපන පරීක්‍ෂණයේදී, ඉංග්‍රීසි හා ගණිතය විෂයයන් වලින් සමත් වීම.

යෝග්‍යතා පරීක්‍ෂණය

මෙම පරීක්ෂණය, විශ්ලේෂණ, තාර්කික හා ගණිතමය යෝග්‍යතා වලින් සමන්විතවේ. යෝග්‍යතා පරීක්‍ෂණය පැවැත්වෙන දිනය හා ස්ථානය ජාතික පුවත්පත් මගින් දැනුම්දේ. යෝග්‍යතා පරීක්‍ෂණය සිංහල, ඉංග්‍රීසි හා දමිළ භාෂා වලින් ඉදිරිපත් කෙරේ.
වැදගත්: සියළු අයැදුම්කරුවන් පරීක්‍ෂණයට විනාඩි 15 කට කලින් විභාග පරිශ්‍රයේ පෙනීසිටිය යුතුය.

පාඨමාලා ගාස්තුව

සලීට් ව්‍යාපාර කළමනාකරණ පදනම් සහතිකය (වාර 3 – වර්ෂ 1)

අධ්‍යයන වාර ආරම්භයට පෙර ගෙවිය යුතු පාඨමාලා ගාස්තුව රු. 80’000.00 (පෙළ පොත්, විභාග, පරිඝණක විද්‍යාගාර භාවිතය ඇතුළු)

පාඨමාලා ආරම්භයට පෙර ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රු. 10’000.00

*ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා ගාස්තු හා අවසන් වසරේ අධ්‍යයන ගාස්තු වර්ෂය අනුව වෙනස්වනසුළු බව කරුණාවෙන් සලකන්න.

වැදගත්: NBT බදු 2% එකතු වනු ඇත.

ඉල්ලුම් කළ යුතු ආකාරය

  • මෙතනින් යෝග්‍යතා පරීක්‍ෂණ අයැදුම්පත බහාගන්න.ව්‍යාපාර කළමනාකරණ පදනම් සහතිකය සඳහා අපේක්‍ෂකයින් තම අයැදුම්පත ඍජුව ස්ලීට් කම්පියුටින් කරා එවිය යුතුවේ.
  • යෝග්‍යතා පරීක්‍ෂණය හා සැකසුම් ගාස්තු ලෙස අපේක්‍ෂකයින් රු. 1’000.00ක මුදලක් ගෙවිය යුතුය.
  • මෙම ගාස්තුව ගෙවිය යුත්තේ “SLIIT Computing (Pvt) Ltd” ජංගම ගිණුම් අංක 1630619 ලංකා බැංකු කොල්ලුපිටිය ශාඛාවේ හෝ සම්පත් බැංකු කොල්ලුපිටිය ශාඛාවේ ගිණුම් අංක 013410001688 වෙතයි.
  • නිසියාකාරව සම්පූර්ණ කරනලද අයැදුම්පත හා සලීට් කම්පියුටින් සඳහා බැංකු කුවිතාන්සිය එවිය යුත්තේ:

 

සීමාසහිත සලීට් කම්පියුටින් (පුද්ගලික) සමාගම

13 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ

28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3

ශ්‍රී ලංකාව

ක්‍ෂණික ඇමතුම්: 0772 665555

 

Hotline: 0772 66 55 55

Tel: 0117 54 3600

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න