fbpx

ශාස්ත්‍රවේදී (ගෞරව) ව්‍යාපාර පරිපාලනය - බෙඩ්ෆර්ඩ්ශයර් විශ්ව විද්‍යාලය - උපාධි ඉහළ නැංවීම

බඳවාගැනීම්:
ජනවාරි පෙබරවාරි / සැප්තැම්බර් ඔක්තෝබර්
කාලසීමාව:
වර්ෂ 1

මෙම පාඨමාලාව ඔස්සේ ඔබේ බුද්ධිමය දක්‍ෂතාව වර්ධනය වන අතරම ව්‍යාපාරික වෘත්තියක් සඳහා උසස්, පුළුල් පදනමක අධ්‍යාපනයක් ඔබට ලබා දෙනු ඇත. උපාධිධාරීන් කර්මාන්තය, වාණිජ හෝ රාජ්‍ය අංශයේ වෘත්තීන් සඳහා සන්නද්ධ වන අතර, ඔබේ වගකීම් මට්ටම උච්ච මට්ටමකට ගෙන ශීඝ්‍රයෙන් දියුණුවීම අපේක්‍ෂා කළහැක.

ආයතනය

බෙඩ්ෆර්ඩ්ශයර් විශ්ව විද්‍යාලය ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමෙන් වසර 100කට අධික ප්‍රවීණත්වයක් ඇති සුවිශේෂි නවීන විශ්ව විද්‍යාලයකි. එහි ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම අධ්‍යාපනයෙන්, වෘත්තිමය වශයෙන් මෙන්ම ලෝක ව්‍යාප්ත ව්‍යවසායික පුරවැසියන් වන තරමට එයින් පෝෂණය ලබන්නේය. විශ්ව විද්‍යාලය සිසුන්ගේ ජීවිතයේ සෑම පැත්තකට සහය දක්වමින් අධ්‍යාපනයට මුල්තැන දීම සඳහා සිසුන් උනන්දු කරයි.

 

බෙඩ්ෆර්ඩ්ශයර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම

  • රටවල් 100කට අධික ප්‍රමාණයකින් සිසුන් 24,000කට අධික ප්‍රමාණයක්
  • අන්තර්ජාතික හා බහු සංස්කෘතික අධ්‍යයන සමාජයන්
  • චීනය. මැද පෙරදිග, යුරෝපය හා දකුණු පෙරදිග ආසියාහි අධ්‍යාපන හවුල්කරුවන්.

 

පසුගිය වසරේ අධ්‍යාපනය නිමා කළ බෙඩ්ෆර්ඩ්ශයර් සිසුන්ගෙන් 92%ක්ගෙන් එක්කෝ රැකියා සොයා ගෙන ඇති අතර අනෙක් අය තවදුරටත් අධ්‍යාපනය හැදෑරීම මෙතෙක් විශ්ව විද්‍යාලය ලද උසස්ම ලකුණයි – (2013 කරන ලද සමීක්ෂණයක් අනුව උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නන් (DLHE)

ඇතුල්වීමේ සුදුසුකම්

  • ජාතික උසස් ඩිප්ලෝමා පාඨමාලාව / උසස් ඩිප්ලෝමා පාඨමාලාව හෝ ඒ හා සමාන සුදුසුකම
  • SLIIT / NIBM / NSBM / ICBT / ACBT / APIIT දෙවන වසර නිමා වීමේදී.
  • CIM / CIMA කළමනාකාර මට්ටම

කාලසීමාව

වසරක උපාධි ඉහළ-නැංවීම. වැඩසටහන සිසුන් බහුතරයකගේ කැමැත්ත මත රඳා පවතින බැවින් එය සතියේ දිනවල හෝ සතිඅන්තයේදී විය හැකි.

වැඩසටහන් ව්‍යූහය

මෙම වැඩසටහන සඳහා ඒකක තුළින් අවධානය යොමුකරන්නේ ව්‍යාපාර න්‍යායන් වර්තමාන හා නූතන රැකියා ස්ථානයේ අදාළවන අයුරු එළිදක්වයි. මෙහි වැඩසටහන් ඒකක තුළින් ඔබට අධ්‍යාපනික හා වෘත්තීය යන දෙඅංශයෙන්ම, ඔබට හොඳම අවස්ථා ලබාදීමට අරමුණු කරයි.

ශාස්ත්‍රවේදී (ගෞරව) ව්‍යාපාර පරිපාලනය

  • වර්තමානයට අදාල අලෙවිකරණය
  • ව්‍යාපාරයේ නවීන දියුණුව
  • උපායශීලි කළමනාකරණය
  • මෙහෙයුම් කළමනාකරණය
  • ව්‍යාපෘති කළමනාකරණය

තව දුරටත් අධ්‍යයනය

මෙම ශාස්ත්‍රවේදී (ගෞරව) ව්‍යාපාර පරිපාලනය සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට එක් අවුරුදු පශ්චාත් උපාධි වැඩසටහනට ඊළඟට එළඹිය හැක: එනම්, SLIIT ආයතනය මඟින් පවත්වනු එක්සත් රාජධානියේ කීල් විශ්ව විද්‍යාලය විසින් ව්‍යාපෘති කළමනාකරණ MSc ඉහළ උපාධි වැඩසටහන. නැතහොත් තමන්ගේ ව්‍යාපාර නිශ්චිත ප්‍රදේශයන්හි එවැනි ශාස්ත්‍රවේදී උපාධි වැඩසටහන් අනුගමනය කිරීමට ඉඩප්‍රස්ථාව ඇත.: CMI, CIPD, CIM, ACCA, CIMA, PGCE Applied Business, Research degrees etc.

පාඨමාලා ගාස්තු

දේශීය ගාස්තුව: පසුව දන්වනු ලැබේ
විශ්ව විද්‍යායාලයීය හිමිකාරභාග ගෙවීමේ ගාස්තු: බ්‍රිතාන්‍ය පවුම් 700 (2017 බඳවාගැනීම්)
** ගෙවීම් වලට නියමිත කාලසීමාවන් අධ්‍යයන කටයුතු අංශය විසින් ප්‍රකාශ කරනු ඇත.
*මෙම ගාස්තු කාලීනව සංශෝදනය වීමට ඉඩ ඇත.

රැකියා අවස්ථා

මුල්‍ය කටයුතු, අලෙවිකරණය හා මානව සම්පත් කළමනාකරණ ඇතුළු සියලු ව්යාපාර අංශ තුළ උපාධිධාරීන් රැකියා සොයා ගනිති. බොහෝ දෙනෙක් විශාල බහුජාතික සංවිධාන වල රාජකාරියේ නිරතවන නමුත් වැඩි වැඩියෙන් ඔවුන් කුඩා පරිමාණයේ ආයතන වල ක්‍රියාකාරී ප්‍රදේශ ගණනාවක් පුරා වැඩ කිරීමට අවස්ථාවන් පවතින බැවින් ඒවා වෙත යති. සමහර උපාධිධාරින් පුණ්‍යායතන වල සේවය කරන අතර තවත් සමහරු ගුරු වෘත්තීයට හැරෙති.

අයැදුම් කළයුතු ආකාරය

උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමන්ගේ යාවත්කාලීන යෝග්‍යතා විස්තරය සමඟ සියලු අධ්‍යයන සමග ඔවුන්ගේ විෂය ධාරාව යොමු කළ යුතුයි computing@sliit.lk email. වැඩිපුර තොරතුරු සඳහා විමසන්න: 0773550660, 0777636067 or 0117543600

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න