fbpx

ප‍රිගණක විද්‍යා සහ මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යා ගෞරව උපාධි පාඨමාලාව - බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලය - අවසන් වසර

බඳවාගැනීම්:
ජනවාරි පෙබරවාරි / සැප්තැම්බර් ඔක්තෝබර්
කාලසීමාව:
වර්ෂ 1

ර්තමානයේ බොහෝ වානිජ හා කාර්මික කටයුතු වල සාර්ථකත්වය සඳහා පරිගණක විද්‍යා සහ මෘදුකාංග ඉන්ජිනේරු විද්‍යාව බලපා ඇති අතර ප්‍රධාන වැඩසටහනක් වශයෙන් තුන්වෙනි අදියරේදී විශේෂඥ අධ්‍යයන් සඳහා මෙම උපාධි පාඨමාලාව තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ඇත. වස්තු කේන්ද්‍රිත ක්‍රමාව්ද භාවිතයෙන් මෘදුකාංග නිර්මාණ සහ උසස් තත්ව පද්ධතීන් නිෂ්පාදනය අධ්‍යනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොදනු ඇත.

ආයතනය

බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලය ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමෙන් වසර 100කට අධික ප්‍රවීණත්වයක් ඇති සුවිශේෂි නවීන විශ්ව විද්‍යාලයකි. එහි ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම අධ්‍යාපනයෙන්, වෘත්තිමය වශයෙන් මෙන්ම ලෝක ව්‍යාප්ත ව්‍යවසායික පුරවැසියන් වන තරමට එයින් පෝෂණය ලබන්නේය. විශ්ව විද්‍යාලය සිසුන්ගේ ජීවිතයේ සෑම පැත්තකට සහය දක්වමින් අධ්‍යාපනයට මුල්තැන දීම සඳහා සිසුන් උනන්දු කරයි.

 

බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම

  • රටවල් 100කට අධික ප්‍රමාණයකින් සිසුන් 24,000කට අධික ප්‍රමාණයක්
  • අන්තර්ජාතික හා බහු සංස්කෘතික අධ්‍යයන සමාජයන්
  • චීනය. මැද පෙරදිග, යුරෝපය හා දකුණු පෙරදිග ආසියාහි අධ්‍යාපන හවුල්කරුවන්
  • චීනය හා වියෙට්නාමයෙහි ඇති ගිම්හාන පාසැල් මගින් විදේශයේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන්

 

පසුගිය වසරේ අධ්‍යාපනය නිමා කළ බෙඩ්‍ෙෆා්ඩ්ෂර් සිසුන්ගෙන් 92%ක්ගෙන් එක්කෝ රැකියා සොයා ගක ඇති අතර අනෙක් අය කවදුරටත් අධ්‍යාපනය හැදෑරීම මෙතෙක් විශ්ව විද්‍යාලය ලද උසස්ම ලකුණයි – (2013 කරන ලද සමීක්ෂණයක් අනුව උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නන් (DLHE)
තවද 2013 එම සමීක්ෂණයට අනුව ගිය වසරේ අධ්‍යාපනය නිමා කර පිටත් වූ බෙඩ්‍ෙෆා්ඩ්ෂර් සිසුන්ගෙන් උපාධිධාරි වෘත්තියන් – වෘත්තීමය හා කළමනාකාර තනතුරු දරන පිරිස 8% සිට 73.5% දක්වා වර්ධනය වී ඇත.

ඇතුල්වීමේ සුදුසුකම්

  • ජාතික උසස් ඩිප්ලෝමා පාඨමාලාව / උසස් ඩිප්ලෝමා පාඨමාලාව හෝ ඒ හා සමාන සුදුසුකම
  • SLIIT / NIBM / NSBM / ICBT / ACBT / APIIT දෙවන වසර නිමා වීමේදී.

කාලසීමාව

කාලය වසරකි. වැඩි සිසු පිරිසගේ මනාපය අනුව දේශන පැවැත්වෙන අතර ඒ අනුව එය සතියේ දිනවල හෝ සති අන්තයේ පැවැත්වෙනු ඇත.

වැඩසටහන් ව්‍යුහය

අන්තර්ජාල ක්‍රියාවලි නිර්මාණය. දත්ත ගබඩා භාවිත ක්‍රමවේද, කෘතිම බුද්ධීන් සහ ජාල මෙන්ම අවසාන ව්‍යාපෘති මට්ටම සම්පූර්ණ කරන ඔබ හට ඉදිරි උසස් පර්යේෂණ සඳහා ඉදිරිපත් වීමටද අවස්ථාවක් ලැබිය හැකිය.

  • සමාජ හා වෘත්තීමය ව්‍යාපෘති කළමනාකරණය
  • උපාධිඅපේක්ෂක ව්‍යාපෘති
  • පර්යේෂණ ක්‍රමවේදයන් සහ නවීන තාක්ෂණයන්
  • සමතුලිත අනුකලන පද්ධතීන්

ඉදිරි අධ්‍යනයන්

මෘදුකාංග ඉංජිනේරු සම්බන්ධ මාතෘකාව පිළිබඳ විද්‍යා ගෞරව උපාධි (MSc), දර්ශනපති / ආචාර්ය උපාධි.

පාඨමාලා ගාස්තුව

දේශීය ගාස්තුව සලකා බැලීමට නියමිතය
විශ්ව විද්‍යාල බඳවාගැනීම් ගාස්තුව – බ්‍රිතාන්‍ය පවුම් 750 (2017 ඇතුළුවීම)
අධ්‍යාපන කටයුතු අංශය මගින් ගාස්තු ගෙවීමේ අවසන් දිනය දන්වනු ඇත.

වෘත්තීය අවස්ථාවන්

වෘත්තීය ක්ෂේත්‍රයන් – ඒකාබද්ධ උපාධි රාමුව තුළ සිටින උපාධිධාරීන් තුළින් ඉටු කළ යුතු විවිධාකාර භූමිකාවන් කිහිපයක් හඳුනාගැනීම දුෂ්කර නොවේ. – දක්ෂ මෘදුකාංග ඉන්ජිනේරු කාර්මික ශිල්පී, නවක පරිගණක ක්‍රියාවලි නිපදවන්නන් / මෘදුකාංග නිර්මාණකරුවන් – එමෙන්ම මෙම වෘත්තීමය ප්‍රතිඵල සඳහා පදනම වන්නේ සියුම්ව සැලසුම් කරන ලද විෂය මාලාවන්ය. මුල් කාලයේදී සිසුන් හට නවක තනතුරු ලැබුනද කල් යාමේදී ඒවා කණ්ඩායම් අධීක්ෂණය සමගින් වගකීම් බහුල ප්‍රවර්ධන සහ සහයක පිහිටුවීම් සහිත සැබවින්ම විශාල හා කුඩා මාදිලියේ කාර්මික සහ වානිජ වාතාවරණයන් තුළ වෘත්තීමය අවස්ථා විවර විය. මෙම මාවතේ ඉලක්කය වන්නේ මූලිකවම උපාධිධාරීන්ගේ බුද්ධිමය හා ප්‍රායෝගික කුසලතාවන් ඔප්නංවමින් සේවායෝජකයාගේ අවශ්‍යතාවයට සරිලන ගුණාත්මක මෘදුකාංග මෙවලම් ලබාදීම වන අතර එය ප්‍රායෝගික බාධාවන්ටද ඔරොත්තු දීමේ හැකියාවද විය. බාහිර හා අභ්‍යන්තර සම්මතයන්ද අත්‍යවශ්‍යසේ සැලකේ. එසේම එවැනි විෂයන් තුළින් උපාධිධාරියා හට උසස් උපාධි පාඨමාලාවක් හැදෑරීමට හා හෝ පර්යේෂණ අධ්‍යයනික විෂයකට යොමුවිය හැකිය. මෙම ඒකාබද්ධ මාර්ගයේ වැදගත් අංගයක් වන්නේ සම්පූර්ණ මෘදුකාංග නිෂ්පාදන ජීවචක්‍රය අධ්‍යාපනික මෙන්ම වෘත්තීමය මට්ටමෙන් ආවරණය කිරීමයි. මෑතකදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් හට නාර්මික හා රාජ්‍ය ආයතනයන්හි රැකියා අවස්ථාවන් ලැබී ඇති අතර ඒ සැමකෙක්ම තරගකාරි රැකියා වෙළඳපොළ තල ඇති රැකියා ඉනිමගේ ඉහලට යාමේ හැකියාව ඇත.

අයදුම් කරන්නේ කෙසේද

උනන්දු අයදුම්කරුවන් විසින් සම්පූර්ණ අධ්‍යාපනික සහතික එක් කරන ලද නවතම ජීවදත්ත තොරතුරු සහිත අයදුම්පත computing@sliit.lk විද්්‍යුත් ලිපිනයට එවිය යුතුය.වැඩි විස්තර සඳහා අමතන්න 0773550660, 0777636067 හෝ 0117543600

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න