fbpx

පරිගණක ජාල නිර්මාණ ගෞරව උපාධි පාඨමාලාව - බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලය - අවසන් වසර

බඳවාගැනීම්:
ජනවාරි පෙබරවාරි / සැප්තැම්බර් ඔක්තෝබර්
කාලසීමාව:
වර්ෂ 1

කාර්යාලයේ සිට විශාල මහා මාර්ග සිට ඔබේ නිවස දක්වා මෙන්ම ඔබ පදවන මෝටර් රථයේ හා බැලූ සෑම අතකම ඇත්තේ අපගේ ජීවිත ඵලදායි ලෙස ගෙවීමට උපකාර වන පරිගණක ජාල නිර්මාණයන්ය. එය තොරතුරු තාක්ෂණයේ හදවත වන අතර ඒවා සීඝ්‍රයෙන් වැඩිවන කල ඒවායේ ප්‍රයෝජනයන් පිළිබඳ අවබෝධයෙන් හා ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැනගැනීම සෑම කෙනෙකුගේම අවශ්‍යතාවයයි.

ආයතනය

බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලය ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීමෙන් වසර 100කට අධික ප්‍රවීණත්වයක් ඇති සුවිශේෂි නවීන විශ්ව විද්‍යාලයකි. එහි ඉගෙනුම ලබන සෑම සිසුවෙකුම අධ්‍යාපනයෙන්, වෘත්තිමය වශයෙන් මෙන්ම ලෝක ව්‍යාප්ත ව්‍යවසායික පුරවැසියන් වන තරමට එයින් පෝෂණය ලබන්නේය. විශ්ව විද්‍යාලය සිසුන්ගේ ජීවිතයේ සෑම පැත්තකට සහය දක්වමින් අධ්‍යාපනයට මුල්තැන දීම සඳහා සිසුන් උනන්දු කරයි.

 

බෙඩ්ෆෝඩ්ෂර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම

  • රටවල් 100කට අධික ප්‍රමාණයකින් සිසුන් 24,000කට අධික ප්‍රමාණයක්
  • අන්තර්ජාතික හා බහු සංස්කෘතික අධ්‍යයන සමාජයන්
  • චීනය. මැද පෙරදිග, යුරෝපය හා දකුණු පෙරදිග ආසියාහි අධ්‍යාපන හවුල්කරුවන්
  • චීනය හා වියෙට්නාමයෙහි ඇති ගිම්හාන පාසැල් මගින් විදේශයේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන්

 

පසුගිය වසරේ අධ්‍යාපනය නිමා කළ බෙඩ්ෆෝඩ්ෂර් සිසුන්ගෙන් 92%ක්ගෙන් එක්කෝ රැකියා සොයා ගෙන ඇති අතර අනෙක් අය කවදුරටත් අධ්‍යාපනය හැදෑරීම මෙතෙක් විශ්ව විද්‍යාලය ලද උසස්ම ලකුණයි – (2013 කරන ලද සමීක්ෂණයක් අනුව උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව යන්නන් (DLHE)

තවද 2013 එම සමීක්ෂණයට අනුව ගිය වසරේ අධ්‍යාපනය නිමා කර පිටත් වූ බෙඩ්ෆෝඩ්ෂර් සිසුන්ගෙන් උපාධිධාරි වෘත්තියන් – වෘත්තීමය හා කළමනාකාර තනතුරු දරන පිරිස 8% සිට 72.5% දක්වා වර්ධනය වී ඇත.

ඇතුල්වීමේ සුදුසුකම්

  • ජාතික උසස් ඩිප්ලෝමා පාඨමාලාව / උසස් ඩිප්ලෝමා පාඨමාලාව හෝ ඒ හා සමාන සුදුසුකම
  • SLIIT / NIBM / NSBM / ICBT / ACBT / APIIT දෙවන වසර නිමා වීමේදී.
  • CIM / CIMA කළමනාකාර මට්ටම

කාල සීමාව

වසරකින් නිමාවේ. සිසුන් වැඩි පිරිසකගේ මනාපය අනුව දේශන පැවැත්වෙන අතර එය සතියේ දිනක හෝ සති අන්තයේ පැවැත්වෙනු ඇත.

වැඩසටහන් ව්‍යුහය

මෙම පාඨමාලාව ජාල නිර්මාණය, ඇතුලත් කිරීම, සැකසීම හා නඩත්තුව සහ කළමනාකරණය මෙන්ම වර්තමාන තාක්ෂණයන් යෙදවීමේ කාර්මික කරුණු පිළිබඳව අවධානය යොමු කරයි. පරිගණක ජාල නිර්මාණ ගෞරව උපාධි පාඨමාලාව ජාල නිර්මාණය හා ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඔබට උපකාරි වනු ඇත. සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම ක්ෂේත්‍රයේ වෘත්තියක් සඳහා අවශ්‍ය දැනුම හා නිපුණත්වය මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙනු ඇත.

  • සමාජ හා වෘත්තීමය ව්‍යාපෘති කළමනාකරණය
  • උපාධිඅපේක්ෂක ව්‍යාපෘති
  • පර්යේෂණ ක්‍රමවේදය සහ නවීන තාක්ෂණයන්
  • දියුණු ජාල නිර්මාණය
  • පරිගණක ආරක්ෂණය සහ කවුළු මිනුම්කරණය
  • තරංග සන්නිවේදනය හා ජාල නිර්මාණය

ඉදිරි අධ්‍යනයන්

ඉදිරි අධ්‍යනයන් පරිගණක ජාල නිර්මාණ විශාරද උපාධි පාඨමාලාව, ජංගම ජාල නිර්මාණය, ආරක්ෂණය, පරිගණක විද්‍යාව හෝ ඒ හා සම්බන්ධ වෙනත් මාතෘකාවක්, දර්ශනවේදී විශාරද උපාධිය / ආචාර්‍ය උපාධිය

පාඨමාලා ගාස්තුව

දේශීය ගාස්තුව සලකා බැලීමට නියමිතය
විශ්ව විද්‍යාල බඳවාගැනීම් ගාස්තුව – බ්‍රිතාන්‍ය පවුම් 750 (2017 ඇතුළුවීම)
අධ්‍යාපන කටයුතු අංශය මගින් ගාස්තු ගෙවීමේ අවසන් දිනය දන්වනු ඇත.

වෘත්තීය අවස්ථාවන්

මෙම පාඨමාලාවේ උපාධිධාරීන් හට පහත ඕනෑම වෘත්තියකට පිවිසිය හැකිය

  • උපකාරක කේන්ද්‍ර හා ජාල සහයක
  • ජාල ආරක්ෂක විශේෂඥයින්
  • ජාල / පද්ධති ඉන්ජිනේරු විද්‍යාව
  • ජාල / තොරතුරු පද්ධති කළමනාකාර, ව්‍යාපෘති කළමනාකරණය හා කවත් පරිගණක සම්බන්ධ තනතුරු බොහෝමයක්

අයදුම් කරන්නේ කෙසේද

උනන්දු අයදුම්කරුවන් විසින් සම්පූර්ණ අධ්‍යාපනික සහතික එක් කරන ලද නවතම ජීවදත්ත තොරතුරු සහිත අයදුම්පත computing@sliit.lk විද්්‍යුත් ලිපිනයට එවිය යුතුය.වැඩි විස්තර සඳහා අමතන්න 0773550660, 0777636067 හෝ 0117543600

දැන්ම අයැදුම්කර ඔබේ ආසනය වෙන්කරගන්න. මෙම වැඩසටහන සඳහා සීමිත ආසන ගණනක් ඇත.

දැන්ම අයැදුම්කරන්න