මහාචාර්‍ය මහේෂා කපුරුබණ්ඩාර (මහත්මිය)

මහාචාර්‍ය මහේෂා කපුරුබණ්ඩාර (මහත්මිය)

අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජික / අධ්‍යක්‍ෂක, අධ්‍යයන කටයුතු

මහාචාර්‍ය මහේෂා කපුරුබණ්ඩාර SLIIT  ආයතනයේ ජාත්‍යන්තර පීඨාධිපති ලෙස කටයුතු කරයි. ඇය ජාත්‍යන්තර පීඨාධිපති කාර්‍යාලය වෙනුවෙන් නායකත්වය, පරිපාලනය හා සාමාන්‍ය අධීක්ෂණය ලබාදීම සඳහා වගකිව යුතු වේ. ඇය මෙම ආචාර්‍ය උපාධිය ලැබීමට සමත් වුනේ ඔස්ට්‍රේලියාවේ පිහිටි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේදීය (UWS). ඈ පීඨාධිපති වශයෙන් ස්ලීට් ආයතනය හා එක්වීමට පෙර, ස්වීඩනයේ උප්සලා විශ්ව විද්‍යාලයේ බාහිර මහාචාර්‍යවරයෙකු ලෙසද, ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කර ඇත. තවද, ඈ UWS හී අනුබද්ධ සංවිධාන පර්යේෂකයෙකු වේ.