SLIIT

SLIIT ආයතනය විශ්ව විද්‍යාල පනත යටතේ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ප්‍රමුඛ පෙළේ උපාධි-ප්‍රධාන ආයතනය වේ. තවද, SLIIT ආයතනය පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (ACU) හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ (IAU) සාමාජිකත්වයද දරයි. අපගේ වැඩසටහන් ඉතා උසස් ප්‍රමිතියක ඇති බැවින් SLIIT උපාධිධාරීන් ගෝලීය පිළිගැනීමට ලක් වී ඇත. SLIIT ආයතනය තුළ සිසුන්ට සියළු සම්පත් සහිත ඉගෙනුම් පර්යේෂණ පරිසරයක් ලබාදී ඔවුන්ගේ ඉගෙනීමට හිතකර මාධ්‍යක් නිර්මාණ කෙරේ. සිසුන් නිර්මාණශීලී වීමට හා විශිෂ්ටත්වයට කැපවීමට දිරිමත් කරන අතර, එහි උපාධිධාරීන් තුල බලවත් විශ්ලේෂණ හැකියාවන් වර්ධනය, ගැටලු විසඳීම් ඇතුළු සන්නිවේදන කුසලතා ලබාදීමේ අරමුණු සහිත පාඨමාලා මෙහෙයවයි.

SLIIT Computing

සීමාසහිත SLIIT කම්පියූටින් (පුද්ගලික) සමාගම වන SLIIT ආයතනයේ අනුබද්ධ ආයතනයක් ලෙස තනනු ලැබුවේ, වෘත්තීය අංශයට නැඹුරු ඉගෙනුම් අත්දැකීම් සහිත උසස් අධ්‍යාපනයකට ප්‍රගතියක් අවශ්‍ය සිසුන් සඳහා පුළුල් පරාසයක අධ්‍යාපන අවස්ථා ලබාදීමටය. තොරතුරු තාක්‍ෂණය වන මෙම ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රය තුළ උපාධි පාඨමාලාවක්, (BSc in Information Technology) ස්ලීට් ආයතනය විසින් තම සිසුන්ට ලබාදේ. මෙමගින් ලබාදෙන සිද්ධාන්ත හා ප්‍රායෝගික දැනුම සම්මිශ්‍රණයෙන් මනා අධ්‍යයන පසුබිමක් සමග ශ්‍රම බලකායට ඇතුල්වීමට කැමති අය සඳහා තරඟකාරී වාසියක් ලබා දෙයි.

අප අගය කොට සලකන්නේ කුමක්ද?

විශිෂ්ටත්වය

විවෘතභාවය සහ වගවීම

දැනුම

නව නිපැයුම් හා නිර්මාණ

ස්ලීට් කම්පියූටින් තෝරාගත යුත්තේ ඇයි?

පසුගිය දශකය තුළ, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සමඟ ස්ලීට් කම්පියූටින් එක්ව ජාතික සේවය සඳහා කැපවූ, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ හා ප්‍රමුඛතම පෞද්ගලික ආයතන බවට පත්ව ඇති අතර, අප දේශ සීමාවලින් ඔබ්බටත් ගොස් ඇත.

අපගේ කාර්‍යභාරය

අපි වත්මන් අභියෝග ආලෝකවත් කිරීමට විසඳුම්දායක දැනුම සංරක්ෂණය කොට බෙදාදෙන අතර මෙමඟින් අනාගතය හැඩගස්වා ගැනීමට මඟ පෑදේ.

අපගේ ඉදිරිදැක්ම

තොරතුරු දැනුම හා ප්‍රඥාව බවට හුවමාරු කර ගැනීම.

අපගේ මෙහෙවර

සමාජයීය සේවය හා ජාතික නායකත්වය උදෙසා විශිෂ්ට ගණයේ වෘත්තිකයන් බිහි කිරීමේ කීර්තියක් අත්පත් කරගත් ආයතනයක් බවට පත්වීම.